අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සංවර්ධනය ඇරඹේ

    මැයි 29, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කළුතර දිස්ත‍්‍රික්කයේ සියළුම රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව මධ්‍යම රජය යටතේ පවතින කළුතර මහ රෝහල සහ බස්නාහිර පළාත් සභාවයටතේ පාලනය වන සියළුම රෝහල් සංවර්ධනය කෙරේ.මේ  සදහා වන මුළු වියදම 2,669,182,551,17 කි.


    කළුතර මහ රෝහලේ සංවර්ධන කටයුතු 2016.05.29 වන දින සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.


    ඒ අනුව කළුතර මහ රෝහලේ මාතෘ හා *කඑතමා රෝග වාට්ටු සංකීර්ණයක්,නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක්, අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකකයක්, ඖෂධ ගබඩාවක්, නව සායන ගොඩනැගිල්ලක්, අක්ෂි වාට්ටුවක්, නව ජල ටැංකියක්, කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය.

     

    එමෙන් ම පළාත්සභා රෝහල් සංවර්ධනයේ දී හොරණ මුලික රෝහලේ මහල් 06 කින් යුතු ශල්‍යාගාරය හා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම, එම රෝහලේ විවාහක හා අවිවාහක වෛද්‍යවරුන් සදහා නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නව ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය.

     

    පිඹුර මුලික රෝහලේ තෙමහල් වෛද්‍ය නිල නිවාසය ඉදිකිරීම, මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක්,වාට්ටු,එක්ස්රේ ඒකක, මුලික ප‍්‍රතිකාර ඒකක සහ බාහිර රෝගි අංශය,ඉදිිකිරීමටත් බණ්ඩාරගම රෝහලේ බාහිර රෝගී අංශය සහ හදිසි ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරිම,මුළුතැන්ගෙය හා කෑම කාමරය ඉදිකිරීමටත්,බදුරලිය පර්යන්ත රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදියුණු කිරීමටත්, දොඩම්ගොඩ රෝහලේ මුළුතැන්ගෙය හා විවේකාගාරය ඉදිකිරීම,බාහිර ප‍්‍රතිකාර ඒකකය පුළුල් කිරීමටත්, මතුගම රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකය හා හදිසි ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරීම, සායන ගොඩනැගිල්ල ඉදිකිරීම,මුළුතැන්ගෙය ඉදිකිරීම ආදි සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.

     

     

    එමෙන් ම කටුගහහේන රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරිමටත්,මීගහතැන්න රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත්,බුලත්සිංහල රෝහලේ වාට්ටු අංක 02 ඉදිකිරීම හා මුළුතැන්ගෙය හා උපස්ථායක නිල නිවාසය අළුත්වැඩියා කිරීම, හල්තොට රෝහලේ බාහිර ප‍්‍රතිකාර ඒකකය හා හිදිසි ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරීමටත්, ගල්පාත රෝහලේ සුළු සේවක නිල නිවස ඉදිකිරීමටත්,ගෝනදුව රෝහලේ මුළුතැන්ගෙය සකස් කිරිමටත්, යටපාත රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය,ගිලන් රථ ගරාජය හා රියදුරු වෙවික කාමරය ඉදිකිරීමටත්, වෛද්‍ය නිල නිවාස ඉදිකිරීමටත් නියමිතය.

     

    තවද නිවි චැටල් වතු රෝහල සංවර්ධනය ,හොරණ මුලික රෝහල සදහා ඩිජිටල් එක්ස්රේ යන්ත‍්‍රය ලබාදීම, පානදුර රෝහල සදහා ඩිජිටල් එක්ස්රේ යන්ත‍්‍රය ලබාදීම සිදු කිරීමට නියමිතය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya