අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළපොළ ආයෝජනයට නොර්වේ ඉඩ දෙයි

    අප්‍රේල් 28, 2016

    ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳපොළට අදාළ ආයෝජනයන්ට සිය රට තුළ ඉඩකඩ ලබා දෙන බව නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  

    මත්ස්‍ය අපනයනය තහනම් කරමින්, යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ  මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා ඉඩකඩ ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති  තොර්බ්ජෝන් ගවුස්ටඩ්සඒටර් Thorbjørn Gaustadsæther   මහතා ප්‍රකාශ කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මත්ස්‍ය අපනයනයට අදාළව ආයෝජන කටයුතු තම රට තුළ සිදු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී  ඇති බවයි.

     තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27)  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය.

    ඇමරිකාවේ වොෂිංටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වූ අවස්ථාවේ නෝර්වේජියානු මුදල් ඇමැතිනී සිව් ජෙන්සෙන් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

    නෝර්වේ තානාපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ මෙම හමුව පැවැත්වුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

    එහි දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ගෙවීගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ පෙන්වා දුන් මූල්‍ය විනය, විනිවිධභාවයේ වැනි ධනාත්මක සාධකවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි.

    යුරෝපා සංගමය මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට මහත් ශක්තියක් බව ද හෙතෙම කියා සිටියේ ය.

    මෙහි දී නෝර්වේ තානාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර වෙළෙඳ සහ වාණිජ කටයුතු වර්ධනය කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් ක්‍රියාකරන බවයි.

    ශ්‍රී ලංකාව තුළ පවතින යහපත් දේශපාලන ප්‍රවණතාවය හමුවේ විදේශ ආයෝජනයන් තව තවත් ශක්තිමත් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya