අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා පැසිපික් ධීවර සැසිය 8 දා කොළඹදී

    පෙබරවාරි 07, 2016

    ආසියා පැසිපික් ධීවර කොමිසමේ (APFIC)34 වන සැසිවාරය සහ එම කොමිසමේ 6 වන කලාපීය විද්වත් සංසදය ලබන 8 වන දින සිට 14 වන දින දක්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.

    ඒ අනුව 6 වන කලාපීය විද්වත් සංසදය මෙම මස 8 වන දින සිට 11 වන දින දක්වාත් ආසියා පැසිපික් ධීවර කොමිසමේ සැසිවාරය මෙම මස 12 වන දින සිට 14 වන දින දක්වාත්, පැවැත්වීමට නියමිතය.

     

    මෙම සැසිවාරයට රටවල් 21 ක් නියෝජනය කරමින් ධීවර ක්ෂේත්‍රයේ විශේෂඥයින් හා ආයෝජකයින් සියයකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අන්තර්ජාතික වශයෙන් වර්ධනය කිරීමටත්, විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

     

    මෙහිදී ශ්‍රී ලංකාවේ ධිවර හා ජල ජීවී ක්ෂේත්‍රෙය් කාර්යක්ෂමතාවය හා තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනීම උදෙසා විධිමත් ලෙස ධිවර සම්පත් කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නිර්දේශ කරමින්, කලාපීය ධීවර ගැටලු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරෙනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya