අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනයට පියවර

    පෙබරවාරි 07, 2016

    විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය හරහා ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යනු පිණිස රටෙහි ජනතාව සවිබලගන්වන හා දිරිගන්වන ආකාරයේ නවීන ප්‍රදර්ශක භාණ්ඩවලින් සහ ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විතව 'ජාතික විද්‍යා සංකේතයක්' ලෙස (National icon of Science) ජාතික විද්‍යා මධ්‍යස්ථානය මාලඹේ ඉදි කිරීමට යෝජිත විද්‍යා නගරය තුළ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව සොබාදහමේ අසිරිය, කෘෂිකර්මය, මිහිතලය, දේශගුණ විපර්යාස හා ස්වාභාවික ආපදා, මිනිස් සිරුරේ අසිරිය, කාර්මීකරණය හා තාක්ෂණික විප්ලවයන්, අභ්‍යවකාශ හා තාරකා විද්‍යාව, දේශීය හා සාම්ප්‍රදායික දැනුම, විද්‍යා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් යනාදී අංශ පිළිබඳ සකසනු ලැබූ ප්‍රදර්ශන මැදිරිවලින් සමන්විත ශ්‍රී ලංකා ජාතික විද්‍යා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතය.

     

    ඒ සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබූ ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya