මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුදල් ඇමැති හමුවෙති Featured

    පෙබරවාරි 06, 2016

    ලෝක ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්, ඊයේ (05) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යාංශයේදී හමුවූහ.


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකරනු ලබන පසුවිපරම් කටයුතු සඳහා මෙරටට පැමිණි, මෙම නියෝජිත පිරිස අදාළ සංචාරය අතරතුර මෙසේ මුදල් අමාත්‍යවරයා හමුවූහ.

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Kalpana Kochhar මහත්මිය, ඇතුඵ පිරිසක් මෙම පිරිසට අයත් වූහ.


    ලෝක ආර්ථික තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බදුන් විය. මෙම හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව, සාධනීය වෙනසක් සිදුවී ඇති බවයි.


    මෙම හමුවට මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහාභාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya