අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙහි තරඟ අද ඇරඹෙයි Featured

    පෙබරවාරි 06, 2016
    දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙවර ඉන්දියාවේ ගුවහාටි හා ෂිලෝන්ග් යන නගර  දෙක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
    එහෙයින්  මෙම නගර දෙකෙහිම සමාරම්භක උළෙල 2 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒඅනුව එහි සමාරම්භක උළෙල පසුගියදා  ගුවහාටි නගරයේ දී ආරම්භ වු අතර  ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ෂිලොන්ග්හි ශ්‍රි ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගනයේදී අද තවත් සමාරභක උළෙලක් පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය ,භුතානය,ඇෆ්ගනිස්ථානය , මාලදිවයින , නේපාලය බංගලා දේශය  යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  මෙම ක්‍රීඩා උලෙල සදහා සහභාගි වේ.
     
    අද සිට  16 වනදා දක්වා ක්‍රීඩා තරඟ පැවැත්වෙන අතර   බැඩ්මින්ටන් ,පා පැදි ,පිරිමි පාපන්දු වෙඩි තැබීම ස්කොෂ්, ටේබල් ටෙනිස් ,වොලිබෝල් , බර ඉසිලීම හා වුෂු ක්‍රීඩා මේ යටතේ ආරම්භ වීමට නියමිතය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya