අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිකා වෛරස් ලේ සාම්පල් පරීක්ෂාව අද සිට Featured

    පෙබරවාරි 05, 2016

    සිකා වෛරස් ලේ සාම්පල පරීක්ෂා කිරීම බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අද (05) ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

    එම පරික්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මැලේසියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනෙන අතර සියලු පරීක්ෂණ පැය 24 පුරා ක‍්‍රියාත්මක කෙරේ.

     

    අයි.ඩි.එච් උණ රෝහලේ විශේෂ ප‍්‍රතිකාර ලබාදීමට ද සුදානම් කර ඇති අතර, සියලු සෞඛ්‍ය සේවකයින් සඳහා විශේෂ උපදෙස් ඇතුළත් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබේ.



    සිකා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊට මුහුණදීමට සියලු පියවර ගෙන අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කටුනායක ගුවන්තොටුපලේ වෛද්‍ය අංශය, වසංගත රෝග විද්‍යා අංශය, IDH උණ රෝහල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය ඒ සඳහා සුදානම් කර ඇත.

     

    කටුනායක ගුවන්තොටුපලේ ද පැය 24 පුරා මෙරටට පැමිණෙන ලතින් ඇමරිකානු රටවල සංචාරකයින් සහ එම රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් පරීක්ෂා කෙරේ.

     

    ඒ සඳහා විශේෂ කවුන්ටරයක් පසුගියදා කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කෙරෙණි. ලතින් ඇමරිකානු රටවල් 23 ක මෙම වෛරසය පැතිර යන බව වාර්තා විය. එහෙත් ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත.

     

    සාමාන්‍ය උණ තත්ත්වයක් ඇතිවන බැවින් ඊට බිය නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි. එහෙත් ගර්භනී මාතාවක් සිකා වෛරස් උණ රෝගයට ගොදුරු වුවහොත් උපදින දරුවන්ට සංකූලතා ඇතිවන බවට සැක කර තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සියලු පරීක්ෂණ සඳහා සංවර්ධනය කර ඇති අතර, පසුගිය වසරේ මැයි මාසයේ දී සියලු උපකරණ ගෙන්වා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂ නිරීක්ෂණයක එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

     

    කිසියම් පුද්ගලයෙකු සිකා වෛරස් උණ රෝගයට ගොදුරු වුවහොත් පරීක්ෂණ සඳහා අවශ්‍ය ලේ සාම්පල ලබාගැනීම සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පැය 24 පුරා ක‍්‍රියාත්මක වෙනම ඒකකයක් ද ස්ථාපිත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya