අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු ජාවාරමට අදාළ වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශට භාර දෙයි Featured

    පෙබරවාරි 05, 2016

    වකුගඩු ජාවාරමකට ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරු 06 ක් සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය කළ අනාවරණය පිළිබඳ සොයාබැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව විසින් එම පෞද්ගලික රෝහල් විමර්ශණය කොට ලබා ගන්නා ලද වාර්තාව අද දින (05) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පිළිගැන්වීමට නියමිතය.

    එම පංච පුද්ගල නව කමිටුව පසුගිය මස 23 වැනි දින පත් කෙරෙණි. එහි සභාපති ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 02) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පත් කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 01) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (විමර්ශන) රෝහණ ද සිල්වා මහතා, අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) වෛද්‍ය කමල් ජයසිංහ මහතා, විශේෂඥ වෛද්‍ය, (වෛද්‍ය පරිපාලන) සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය රාජප‍්‍රිය බාලසූරිය මහතා පත් කෙරෙණි.

     

    මෙම පංච පුද්ගල කමිටුවට දින 03ක් ඇතුළත එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස දැනුම් දී තිබුන ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වකුගඩු සැත්කම් සඳහා අවසර ලබාදීමට ඇමරිකානු ඩොලර් 500ක මුදලක් ලබාගෙන ඇති බව මාධ්‍යවල පළ වූ බැවින් ඒ පිළිබඳව ද සොයාබලා අදාළ නිලධාරීන්ගෙන් කට උත්තර ලබාගෙන සම්පුර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා එම කමිටුවට මීට පෙර නියෝග කරන ලදි.

     

    එමෙන්ම පෞද්ගලික රෝහල්වල සිදු කරන ශල්‍යකර්ම හා පරීක්ෂණ සඳහා මිල නියාමනය කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කරන ලෙසත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

     

    පුද්ගලික රෝහල්වල සිදු කරනු ලබන ශල්‍යකර්ම සඳහා අධික මිලක් අය කරනු ලබන බවත්, ඒ පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවත්, වෛද්‍යවරයෙක් රෝගියෙකු බැලිය යුතු කාලය විනාඩි 10 ක් බවත්, රුපියල් 250 සිට 2000 අතර මුදලක් රෝගියෙකුගෙන් අය කර ගත යුතු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya