අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව තුළින් එකම රටක්, ජාතියක් ගොඩනැගීමට කැප වෙනවා- ජනපති Featured

    පෙබරවාරි 04, 2016

    ජාතික සංහිදියාව, සහෝදරත්වය තුළින් එකම රටක්, එකම ජාතියක් ගොඩ නැංවීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදට (04) යෙදෙන 68 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

     

    මව්බිමේ උරුමය පොදු ජාතික උරුමයක් සේ හැඟෙන ශී‍්‍ර ලාංකිකත්වයක් ප‍්‍රතිනිර්මාණය කිරීමටද කැප වන බව එම පණිවුඩයේ සඳහන් කර ඇත.

     

    ශී‍්‍ර ලංකාවේ 68 වන ජාතික නිදහස සමරන මේ අවස්ථාවේ දේශයේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාව හා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමටද ආර්ථික, දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අපට හැකිවීම සමස්ත ජනතාවගේම පරම භාග්‍යයක් ලෙස සළකන බවද වැඩිදුරටත් සිය පණිවුඩය මගින් පෙන්වා දෙයි.

     

    68 වන ජාතික නිදහස් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිදහස් දින සම්පූර්ණ පණිවුඩය:

     

    ශී‍්‍ර ලංකාවේ 68 වන ජාතික නිදහස සමරන මේ අවස්ථාවේ දේශයේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාව හා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමටද ආර්ථික, දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අපට හැකිවීම සමස්ත ජනතාවගේම පරම භාග්‍යයක් ලෙස අපි සළකන්නෙමු.

     

    ඉකුත් වසරක කාලය තුළ මේ උදාර අපේක්ෂාවන් නොබිඳ ආ ගමනේ අභිනව පියවර උදෙසා ශක්තිමත්ව හා බුද්ධිමත්ව පිය නැඟීම අපගේ අධිෂ්ඨානය වී තිබේ. බියෙන් තොර සමාජ දේශපාලන වාතාවරණයක සියලුදෙනාට අභිමානවත් ශී‍්‍ර ලාංකීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අපේක්ෂාව මල් ඵල ගැන්වීමටද අපි කැපව සිටින්නෙමු.

    මෙම නිදහස් දිනය අපට වඩාත් සුවිශේෂ වන්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාව විසින් දෙන ලද අමිල ජනවරම යලිත් මහමැතිවරණයේදී තහවුරු කරමින් ශී‍්‍ර ලංකාව යහපාලනයේත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත් පරමාදර්ශයක් බවට පත් කිරීම උදෙසා ජනතාව තුළ දිදුලන ප‍්‍රාර්ථනාවන් විජයග‍්‍රහණය කිරීමට ඇති අවංක හා උදාර අභිලාෂය නිසාය.

     

    සාධාරණ සමාජයක් පිළිබද වූ ජනතා සිහින යථාර්ථයක් බවට පත්කිරීමටද නීතියේ ආධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යථාර්ථවාදී ජයග‍්‍රහණ පොදු මානව සමාජයේ හිමිකමක් බවට පත් කිරීමටද අපි අධිෂ්ඨාන පූර්වකව කි‍්‍රයා කරන්නෙමු.

     

    ජනතාවගේ භෞතික ජීවිතයට විධිමත් හා අර්ථවත් සම්ප‍්‍රදානයන් කළ හැකි අභිනව සංවර්ධන සැලසුම් හා කි‍්‍රයාමාර්ග අපේ ඉලක්ක වී තිබේ. දරිද්‍රතාවේ පීඩනය හා විරැකියාවේ අපේක්ෂා භංගත්වය දුරුකර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංවර්ධනයක් සැලසීමට අපි කැපවී සිටින්නෙමු.

     

    රජයක් ලෙස ලෝකයේ සියලු රාජ්‍යයන් සමග සුහද හා මිත‍්‍රශීලි ආකල්පයකින් කි‍්‍රයාත්මක කරන නොබැදි පිළිවෙත අපට ආශිර්වාදයක් වී තිබේ. ලොව සමාජ, ආර්ථික රටාවන් හදුනා ගනිමින් අපේ සමාජ ආර්ථික ප‍්‍රතිපත්ති සකසා ගැනීමට කි‍්‍රයා කිරීමට ද අප වගබලා ගතයුතුය.

     

    ජාතික සංහිදියාව, සහෝදරත්වය තුළින් එකම රටක්, එකම ජාතියක් ගොඩ නැංවීමටත් අපි කැපවන්නෙමු. මව්බිමේ උරුමය පොදු ජාතික උරුමයක් සේ හැ‍ඟෙන ශී‍්‍ර ලාංකිකත්වයක් ප‍්‍රතිනිර්මාණය කිරීමටද අපි කැප වන්නෙමු.

     

    අප මව්බිමේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම සදහා ජීවිත පරිත්‍යාග කරන ලද්දා වූද ඒ සදහා කැපකිරීම් කළ අපගේ රණවිරුවන්ද මෙහිදී ආදරය, ගෞරවය හා කෘතවේදිත්වය පෙරදැරිව සිහිපත් කළ යුතුය.

     

    අභිමානවත් ජාතියක් ලෙස හිස කෙළින් තබාගැනීමේ ශක්තිය හා බලය සමස්ථ ජනතාවට ලබා දෙන ජාති, කුල, වර්ග භේද පවුරින් වටවු සමාජයක් වෙනුවට මානව සබදතා ශක්තිමත් වූ ප‍්‍රබුද්ධ සමාජයක් අපගේ ප‍්‍රාර්ථනය වී තිබේ.

     

    මෛතී‍්‍රපාල සිරිසේන

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya