අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මංතීරු නීතිය උල්ලංඝණය කිරීම් පිළිබඳ නඩු 725ක්

    නොවැම්බර් 27, 2015

    නීති විරෝධි හා අපරික්ෂාකාරි ලෙස මංතීරු හරහා රිය පැදවූ රියදුරන් 725දෙනෙකුට මංතීරු නීතිය උල්ලංඝණය කිරීමේ වරදට නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කොළඹ නගරය තුළත්, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වාත්, ඊයේ (26) පෙරවරු 6.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ දී පමණක් මෙවැනි නඩු පැවරීම් 725ක් වාර්තා වී ඇති බවයි.

     

    එම රියදුරන්ට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya