අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ Featured

    නොවැම්බර් 27, 2015

    පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව දෙවන එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් අද (27) මෝල්ටා රාජ්‍යයේදී ආරම්භ වෙයි. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වෙති.

    සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් මෙම සමුළුවේ තේමාව ‘පොදුරාජ්‍ය මණ්ඩලය – ගෝලීය වටිනාකමට ශක්තියක්’ යන්න යි.

     

    අද ආරම්භ වන සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුරය මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝෂප් මස්කට් මහතා වෙත භාරදීමට නියමිතය.

     

    මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ මහ ලේකම් තනතුර සඳහා නව ලේකම්වරයෙක් පත් කරගැනීම ද මෙහිදී සිදු කෙරේ. දැනට මෙම තනතුර හොබවනු ලබන ආචාර්ය කමලේෂ් ෂර්මා 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ඔහුගේ නිල කාලය අවසන් කරනු ඇත.

     

    මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය කුඩා රටවල් සඳහා  වෙළඳ සහ මූල්‍ය  පහසුකම් සැපයීමට අරමුදලක් පිහිටුවන බව මෝල්ටා මුදල් අමාත්‍ය එඩ්වඩ් සීක්ලුනා  මහතා යෝජනා කර ඇති අතර අරමුදල ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ ද සහය පළ කර ඇත. 2013 වසරේ කොළඹදී පැවැති සමුළුවේ තීරණයකට අනුව නව යෝජනාව සිදු කර තිබේ.

     

    ඊයේ පැවැති ආර්ථික සමුළුවේදී අදාළ තීරණය ගෙන ඇති අතර අමාත්‍ය සාගල රත්නායක මහතා එම  සමුළුවට සහභාගි විය. මේ අතර පොදු රජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් ද ඊයේ පැවැති අතර ඊට විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගී වී තිබිණ.

     

    රාජ්‍ය නායක සමුළුව 29 වනදා දක්වා පැවැත්වෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya