අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වැන්දඹුවන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහනක් අද

    ජූලි 29, 2015

    ‘ලෝක වැන්දඹුවන්ගේ දිනය‘ වෙනුවෙන් යුධමය තත්වයේ ප්‍රථිපල ලෙස කාන්තාව යන මැයෙන් (Voices of Strong Woman) වැඩසටහනක් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ෂෙලී වයිටින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

     

    රණවිරු සේවා අධිකාරිය හා ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිස්ත සන්ධානය සම සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

     

    ඒකීය රාජ්‍යයක ශ්‍රී ලාංකිකයන් වශයෙන් හැකි පමණ යුද්ධයෙන් විපතට පත් වූ කාන්තාවන්ගේ සමාජ ආර්ථික තත්වයන් නැවත නැගී සිටුවීමට ඔවුන් සවිබල ගැන්වීම සඳහා උත්සහ කළ යුතු බව එහිදී සභාව ඇමතූ ෂෙලී වයිටින් මහත්මිය ප්‍රකාශ කළාය.

     

    ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා වැඩසටහනේ මූලික දේශනය ඉදිරිපත් කළේය. සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කරමින් රණවිරු සේවා අධිකාරියේ නර්තන කණ්ඩායම සභාව රස ගැන්වූ අතර වැඩසටහනට එක්වූ යුද්දයෙන් විපතට පත් වූ සිංහල, දෙමළ දිරිය කාන්තාවන් කිහිපදෙනෙක් සිය දිරිය ජීවිත කතාව පැමිණ සිටින්නන් හා බෙදාහදා ගත්තෝය.

     

    වැඩසටහනට සහභාගී වූ විපතට පත් කාන්තාවන් හා විද්වතුන් අතර යුද්දයෙන් විපතට පත් කාන්තාවන් වර්තමාන සමාජය තුළත් ආර්ථික වශයෙනුත් අත්දකින ගැටලු හා සංකීර්ණතා පිළිබඳව හරවත් සාකච්ඡා මණ්ඩලයක් ද පැවැත්විණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya