අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අගෝස්තු 05 දින හෝ එදිනට පෙර භාරදිය යුතුයි Featured

    ජූලි 29, 2015

    පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ නියෝජනය කරන සියලුම අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අගෝස්තු 05 දින හෝ එදිනට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    ජූලි 31 දින පසලොස්වක පොහොය නිවාඩු දිනයක් නිසා සහ අගෝස්තු 01 සහ 02 දෙදින සති අන්ත නිවාඩු දින හේතුවෙන් ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ තැපෑලෙන් එවන අපේක්ෂකයන්ට ඇතිවිය හැකි අපහසුතා මඟ හැරීම පිණිස එකී ප්‍රකාශ භාරදීමේ යෝජිත දිනය මේ ලෙස දීර්ඝ කර ඇත. පසුගියදා (28) දේශපාලන පක්ෂ නිත්‍ය නියෝජිතයන්ගේ රැස්වීමේ දී කරන ලද ඉල්ලීමක් අනුව අදාළ දින දීර්ඝ කිරීම සිදු කර ඇත.

     

    මීට පෙර සියලු වත්කම් හා බැරකම් ප්‍රකාශ ජූලි 31 දින හෝ එදිනට පෙර භාරදිය යුතු බවට පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවේ දී ඇතිකරගත් එකඟතාව අනුව තරග කරන අපේක්ෂකයන් අතරින් වැඩි සංඛ්‍යාවක් ස්වකිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මේ වනවිටත් භාර දී තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya