අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පති සේවයට බඳවා ගැනීම අප්‍රේල් 10 ගැසට් කෙරේ

    මාර්තු 25, 2015
    ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ III වන පන්තියේ පවතින පුරප්පාඩු 4400ක් සඳහා බඳවා ගැනීමේ ගැසට් නිවේදනය අප්‍රේල් 10 වැනිදා පළ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ මෙම පුප්පාඩු පිරවීමට කටයුතු  ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබාගත් අධ්‍යාපනවේදී උපාධිය සහිත ශ්‍රී ගුරු සේවයේ වසර 5ක සතුටුදායක සේවා කාලයක් හෝ ජාතික ශික්ෂණ ඩිප්ලෝමා/ගුරු පුහුණු සහතිය සහිත ශ්‍රී ලංකා ගුරු සේවයේ වසර 06ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අයට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. 
     
    මේ සඳහා වන තරග විභාගය ජුලි මස දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අදාළ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2015.05.11 වේ.
     
    මීට පෙර විදුහල්පති සේවයේ III පන්තියට බඳවා ගැනීම් ගැසට් කර ඇත්තේ 2005 වසරේ වන අතර මෙම බඳවා ගැනීම් නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව යටතේ සිදු කෙරෙන අතර දීර්ඝ කාලයක සිට ගුරුවරුන්ට නොලද උසස්වීම් මෙමඟින් ලැබෙනු ඇත.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya