මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට (15) ඇරැඹෙන IMF වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායි සාකච්ඡාවකට සූදානම්

    අප්‍රේල් 14, 2024

    අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී හෙට (15) ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හවුල්කාරීත්වය සහ සාමූහක ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකි වනු ඇති බවයි.

    අමාත්‍යවරයා  වැඩිදුරටත් මෙසේද පැවසීය.

    "2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ලගා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව නොරහසකි.

    වර්තමානයේ දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවල මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අපගේ මූලික අරමුණ වන අතර, ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ජා වල නිරත වීමට අප මෙහිදී අපේක්ෂා කරනවා.

    හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි බව රජයේ විශ්වාසය වන අතර ඒ වෙනුවෙන් එළෙබෙන 15 වන දින ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ "වසර මැද සමුළුව” හරහා හැකි වනු ඇතැයි බලාපොරොත්තු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya