මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේ දුරගමන් සේවා ලබාගන්නා ජනතාව ආහාර ගැන සැලකිළිමත් වෙන්න - වෛද්‍ය චමල් විජේසිංහ

    අප්‍රේල් 12, 2024

    උත්සව සමයේ දුරගමන් සේවා ලබාගන්නා ජනතාව ආහාර පාන පිළිබද විශේෂ අවධානයක් යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (12) මාධ්‍යයට අදහස් දක්වමිනි.

    නගරාශ්‍රිත සිට දුර ගමන් සේවා බස්රථ වල මෙන්ම පෞද්ගලික වාහන වල තම ගම් බිම් බලා යන ජනතාව අතරමගදී ආහාර ලබාගන්නා ස්ථාන වල ආහාර වල ප්‍රමිතිය සහ පිරිසිදුකම සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ව්‍යාපාරිකයන්ට මෙන්ම වෙළදසැල් හිමියන්ටද තමන් ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියෙන් සහ පිරිසිදුව ජනතාවට ලබාදීමට වගකීමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

    අවසානයේ මුදල් ගෙවා අවුරුද්දට නිවෙස් වෙත ලෙඩ රැගෙන නොයා යුතු බව පැවසූ වෛද්‍ය චමල් විජේසිංහ මහතා මෙම දිනවල කෙසෙල් ඉදවීමටද කෘතිම රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා කරන බවද සදහන් කළේය.

    මේ හරහා ජනතාවට විෂ ශරීරගත වීම එතරම් හොද ප්‍රවණතාවයක් නොවන බවද පැවසූ වෛද්‍යවරයා තමන් මිලදී ගන්නා ආහාරය කුමන ආකාරයේ ප්‍රමිතියකට ඇතිදැයි සොයා බැලීමට ජනතාවට වගකීමක් පවතින බවද පැවසුවේය.

    මෙලෙස මිනිස් සිරුරට අහිතකර දේවල් ලබාදෙනවා නම් ඊට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ ලෙස කිසිසේත් නොපැකිළෙන බවද අවධාරණය කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya