මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඵලදායීතා කොමිෂන් සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

    අගෝස්තු 15, 2023

    ජාතික ඵලදායීතාවය පිළිබඳ කොමිෂන් සභාවක් ඇතිකිරීමට ජනාධිපතිතුමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ අපට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගැනීමට අවැසි බවද නිෂ්පාදන ආර්ථිකය තුළ අවම යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවන පරිදි ඵලදායීතාවය ඉහළ නැංවීමට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලැබෙන ප්‍රතිලාභ උපරිම තලයකට ගෙනඒම සඳහා සෑම අංශයකම ඵලදායීතාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් හඳුනාගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය.

    කළමනාකරණය, තාක්ෂණය සහ පරිපාලනමය වෙනස්කම් තුළින් ඵලදායීතාවය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු විධිමත්ව කිරීම සඳහා නීතිමය වශයෙන් වගකිවයුතු ආයතනයක් මෙරට ක්‍රියාත්මක නොවන බවද අවධාරණය කළේය.

    එබැවින් ඵලදායීතාවය සම්බන්ධ ගැටලු පිළිබඳ අවදානය යොමු කිරීමට, පර්යේෂණ මතින් ගොඩනැගුණු සාක්ෂි හා දත්ත පදනම්ව ප්‍රතිපත්ති නියමයන් රජය විසින් නිර්දේශ කිරීම සඳහා ස්වාධීන ආයතනයක් වශයෙන් ජාතික ඵලදායීතා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්මකද පැහැදිලි කළේය.

    මෙය ස්ථාපිත කිරීම සඳහා එහි ආයතනික ව්‍යූහය තීරණය කිරීමටත්, කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයටත් මෙම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවදානය කළ යුතු වෙනත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහාත් විද්වත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya