මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    07 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනය-  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යවරයා චීනයට  

    අගෝස්තු 15, 2023

    චීන ජනරජයේ යුනාන් වාණිජ දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් වෙ‍ෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා 2023 අගෝස්තු 16 සිට 20 දක්වා පැවැත්වෙන 7වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.

    මෙහි දී අමාත්‍යවරයා චීන-දකුණු ආසියා ව්‍යාපාරික සංසදය ඇමතීමටත් චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ද්විපාර්ශ්වික රැස්වීම් සහ සාකච්ඡාවන් සඳහා සහභාගී වීමටද නියමිතව ඇත.

    මෙම වෙළෙඳ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව හා චීනය ඇතුළු අනිකුත් ආසියාතික රාජ්‍යයන් අතර ද්වීපාර්ශවීය වෙළෙඳ හා වාණිජ ප්‍රවර්ධන කටයුතු උදෙසා වැදගත් සංධිස්ථානයකි. පැවැති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකිව යළි වසර 03 කට පසු නැවත පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා දේශීය නිෂ්පාදකයන් රැසක් සහභාගී වීමට ද නියමිතයි.

    ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකික සමාගම් පනස් අටක (58) අධ්‍යක්ෂවරුන් හා ඉහළ විධායක නිළධාරීන් ඇතුළු නියෝජිතයින් 75 දෙනෙකු මේ සඳහා සහභාගී වේ. මෙම නිෂ්පාදන සමාගම් මගින් මැණික් හා ස්වර්ණාභරණ, ලංකා තේ, රසකැවිලි, සැකසූ ආහාර, කජු, කුළුබඩු, පොල් මද හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, බතික් සහ හස්ත කර්මාන්ත ඇතළු දේශීය නිෂ්පාදන පෙළක් ප්‍රවර්ධනය කිරීමට නියමිතයි. නැගී එන විස්තීරණ චීන වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයන තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහාත් නව නිෂ්පාදන උදෙසා නව වෙළෙඳපොළ අවස්ථා ගවේෂණය සඳහාත් මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

    වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව හා බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම වැඩසටහනෙහි ශ්‍රී ලාංකීය සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කරන අතර චීනයේ යුනාන්ප්‍ රාන්ත මහජන ආණ්ඩුව, චීනයේ යුවාන් ප්‍රාන්තයේ වාණිජ දෙපාර්තමේන්තුව හා චීන අන්තර්ජාතික වෙළෙඳ ප්‍රවර්ධන කවුන්සිලය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya