මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 10ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලේ

    අගෝස්තු 14, 2023

    ඉදිරියේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    මේ වන විට අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

     අද(14) කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     මෙම කාර්යය එක වර කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෂේඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක යටතේ ඉදිරියේදී අධ්‍යාපනය වර්ගීකරණය සිදු කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය ඇති දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

    ''ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී. පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වුණා. එම වසරක කාලය ආපස්සට ගෙන යළි 10 ශ්‍රේණියේ දී ම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනීයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිතයි''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya