මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "යහපත් සමාජයක් ඇති කිරීම උදෙසා මාධ්‍ය ඔස්සේ වෛරී මතවාද සමාජගත වීම වැළක්විය යුතුයි- ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 05, 2023

    "යහපත් සමාජයක් ඇති කිරීම උදෙසා මාධ්‍ය ඔස්සේ වෛරී මතවාද සමාජගත වීම වැළක්විය යුතු ''යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන "වාර්තාකණයේ මුල මැද සහ අග" (Unlocking the Power of Media) වැඩමුළුවේ මුද්‍රිත මාධ්‍ය වෘත්තිකයින් හා ප්‍රධානීන් උදෙසා පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    අප රටේ සිදු වූ බොහෝ සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්කම් සඳහා මුද්‍රිත මාධ්‍ය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.මාධ්‍ය ඔස්සේ වැරදි වාර්තාකරණය සහ වෙනස් ලෙස කරුණු දැක්වීම තුල යම් යම් අයහපත් දේ සිදුව තිබෙන බව රහසක් නොවේ.
    අවාසනාවකට ලෝක ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ මැයි මස 9 වන දා මෙරට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙකු සමූහයක් විසින් එක්ව ඝාතනය කරනු ලැබුවා. ඉන් අනතුරුව මාද ඇතුලු ව්‍යවස්ථාදායකයේ තවත් නියෝජිතයින් 72ගේ නිවාස, දේපළ ඇතුළු වත්කම් රැසක් පැය 12ක්‌ තුළ ගිනිබත් කරමින් උන් හිටි තැන් පවා අහිමි කලා. මහජන නියෝජිතයින් 800ට අධික පිරිසකගේ නිවාස වලට ප්‍රහාර එල්ල කළා. මෙවැනි දැවැන්ත විනාශයක් සිදුවන අවස්ථාවේදී මාධ්‍ය ඒ සඳහා කොයි ආකාරයේ දායකත්වයක් දැක්‌වූවාද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් පවතිනවා.
    පදනමක් සහිතව සිදු කරන ප්‍රකාශයක් තමන්ගේ නොදැනුවත්කම මත සමාජ වෛරයක් ඇති කිරීම උදෙසා භාවිතා කරනවා නම් එය සාධාරණ වන්නේ නැහැ. ඒ පිළිබඳව රට තුළ ප්‍රබුද්ධ සංවාදයක් ඇතිවිය යුතුයි. නමුත් දශක තුනකට අධික දේශපාලන ගමන තුළ යහපත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් පුද්ගලික වෛරයෙන් තොරව සෑම අවස්ථාවකම මා කටයුතු කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya