මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වෙයි

    ජූලි 28, 2023

    දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සිදුකරන අපරිමිත මෙහෙය අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම සිදුකරනු ලබන අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීමේ වැඩසටහන පසුගියදා(26) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    ශ්‍රී ලාංකීය ජනතාවගේ උරුමයක් වු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම තුළින් නීරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව මෙය දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

    මෙම වැඩසටහන තුළදී පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ පා සිටින ප්‍රශ්න, ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීමද මූලික වශයෙන් සිදු කෙරිණ.

    එමෙන්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සුව - ධරණී - සුව චර්යා වැඩසටහන, සුව ධරණී හෙළ ඔසු සංරක්ෂණ සහ සංවර්ධන වැඩසටහන, සුව ධරණී හෙළ ඔසු පැන් ව්‍යාපෘතිය සඳහා සංරක්ෂණ සභා දායක කර ගැනීමද සිදුකෙරිණ. එමෙන්ම එහිදී දේශිය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් සිදු කරනු ලබන සේවය අගයමින් සම්මාන ප්‍රධානය කිරීමක් ද, සිදු විය.

    එම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩි චින්තක, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහකර අධ්‍යක්ෂ චමල් තේනුවර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් , පාරම්පරික වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya