මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව මඟින් පාසැල් ළමුන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූලි 28, 2023

    නාවික හමුදාව මඟින් පාසැල් ළමුන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස පාසැල් ළමුන් වෙනුවෙන් බියගම, දරණාගම ප්‍රාථමික විද්‍යාලයේදී දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය ‍කොමදෝරු නන්දනී විජේදෝරු මහතාගේ අධීක්ෂණයෙන් ( ජුලි 27) එම විදුහල් පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහභාගී විය.

    ඒ අනුව, නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන නාවික හමුදා දන්ත වෛද්‍යවරුන් හයදෙනෙකුගේ (06) සහ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකෙරුණු අතර, එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන් 200 දෙනෙකු, ඔවුන්ගේ දෙමව්පියන් සහ ගුරු භවතුන් වෙනුවෙන් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව පාසැල් ළමුන් වෙත දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමක්ද එහිදී සිදුකෙරිණි.

    තවද, පාසල් දරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් දායකත්වය ලබාදීමට සූදානමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya