මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඡායාරූප උළෙල 2021 නොවැම්බර් 10 දා

    නොවැම්බර් 08, 2021

    රාජ්‍ය ඡායාරූප උළෙල 2021 නොවැම්බර් 10 දා

    ඡායාරූප ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ස්වකීය නිර්මාණ දායකත්වය ලබාදෙන ඡායාරූප ශිල්පීන් ඇගයීමේ අරමුණින් පවත්වනු ලබන රාජ්‍ය ඡායාරූප උළෙල 2021 අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 10 වන දින ප.ව. 02.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කරන අතර මෙහිදී ජයග්‍රාහකයන් 101ක් සදහා සම්මාන පිරිනැමීමට නියමිතය.

    මෙවර “රූපාභිමානී” සම්මානයෙන් පිදුම් ලබන්නේ චන්ද්‍රසේන පෙරේරා මහතායි. තරග අංශ 15ක් යටතේ නිර්මාණ 13641ක් ලැබී තිබුණු අතර එක් තරග අංශයක් යටතේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන් සදහා සම්මාන, සහතික හා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර තවත් ජයග්‍රාහකයන් 05ක් සදහා කුසලතා සහතික 05ක් බැගින් පිරිනැමීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya