මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය දේශන අගෝස්තු 29 දා

    අගෝස්තු 14, 2014
    2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමී ව පවත්වනු ලබන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන අගෝස්තු 29 දා පස්වරු 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    සිංහල සාහිත්‍ය විචාරය - අභියෝග හා අපේක්ෂා මැයෙන් මුඛ්‍ය දේශනය හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විමල් දිසානායක මහතා විසින් ද, නෘත්‍ය නාටකත මගින් ප්‍රතීත සාහිත්යික අර්ථ සෞන්දර්යය මැයෙන් දේශනය ජ්‍යේෂ්ඨ නර්තනවේදී රවිබන්දු විද්‍යාපති මහතා විසින් පවත්වනු ලබන ද්විතීයක දේශනය සනිදර්ශන නර්තනාංගයන්ගෙන්ද සමන්විත වේ.
     
    රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන පිටපත් එදින නොමිලේ බෙදා දීමට ද කටයුතු යොදා ඇත.
     
    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට පූර්වගාමි රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya