මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය අගය කරයි

    සැප්තැම්බර් 11, 2018
    රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UN High Commissioner for Human Rights) වන මිචෙල් බැචලට් Michelle Bachelet ගේ අගය කිරීමට පාත්‍ර වෙයි.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UN Human Rights Council) 39 සැසිවාරය අමතා ප්‍රථම වරට කථා කළ නව මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ "සංහිඳියා යාන්ත්‍රණ ඇතිකිරීම සඳහා බලධාරීන්ගේ මැදිහත්වීම තරමක් සෙමෙන්  සිදුවුවද, ප්‍රවිචරණ ක්‍රියාවලිය (Consultation Process) සහ ආයතනික ශක්‍යතා වර්ධනය (Institutional Capacity Building) සඳහා ගනු ලැබ ඇති පියවර අගය කළ යුතු බවයි.
     
    "අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්හට පිළිතුරු සැපයීමට අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. හානිපූර්ණ කාර්යාලය (Office on Reparations) පිහිටුවීම සඳහා වූ නීතියද සම්මත කරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතියි. වගවීම (Accountability) සහතික කිරීම සහ සත්‍යය සෙවීම(Truth Seeking) සඳහා වන වැඩපිළිවෙළෙහි ප්‍රගතියක් ඇති කරගැනීම දීර්ඝ කාලීන වශයෙන් රට තුළ ස්ථාවරභාවය සහ ප්‍රගතිය ඇති කරගැනීම සඳහා වැදගත් වනු ඇත." මිචෙල් බැචලට් මහත්මිය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya