මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කෞතුකාගාරයේ කිසිදු භාණ්ඩයක් සොර ක්‍රියා හේතුවෙන් අස්ථානගතවී නෑ

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) කොළඹ ජාතික කෞතුකාගාරයේ කිසිදු භාණ්ඩයක් සොර ක්‍රියා හේතුවෙන් අස්ථානගතවී නැති බවත් කෞතුකාගාරයේ දොරටු අභිරහස් ලෙස විවෘත වීම පිළිබඳ ව විමර්ශනයක් කරමින් පවතින බවත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.


    කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසා මේ අවස්ථාව වන විට CCTV කැමරා ද ඉවත් කර තිබුණි. මෙහි රුපියල් කෝටි 10ක පමණ ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් පැවති අතර කිසිදු භාණ්ඩයක් නැති වී ඇති බවට ජාතික කෞතුකාගාර අධිකාරිය විසින් දැනුම් දී නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    පුරාවිද්‍යා ස්ථාන නම් කරන්නේ විද්‍යාත්මක පදනම මත වන අතර ජාති ආගම් වශයෙන් ඒවා නම් කර නැහැ. ඒවා රැකගැනීම අපේ වගකීමක්. කිසිදු විටක ඒවායේ වටිනාකම්වලට හානි වන ලෙස කටයුතු කිරීමට ඉඩ නෙදෙනු ඇත. පුරාවිද්‍යා ස්ථාන 2,50,000ක් පමණ ඇති බව ගණන් බලා ඇති බවත් ඒවා ආරක්ෂා කිරීම අපහසු කටයුත්තක් නිසා පුරාවිද්‍යා වටිනාකමක් ඇති නිවාස, ශාලා වැනි ගොඩනැගිලි ආර්ථික සංවර්ධනය සමඟ බද්ධ වන ලෙස ආරක්ෂා කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    අප ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් ව ඉදිරියට එමින් පවතී. සංචාරක පිරිසගේ රුචිකත්වය මේ ස්ථාන නැරඹීම සඳහා යොමු වෙමින් පවතී. දැනුම මූලික ආර්ථිකය ලෙස හැඳින්වෙන මේ අවස්ථාවේ මේ මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් පවතී. ජාතික උරුමයන් පිළිබඳ ස්ථාන විවිධ පාර්ශවකරුවන්ගේ ආයෝජන මත පවත්වාගෙන යන්න විධික්‍රම හඳුනාගෙන ඇත. උරුම පිළිබඳ පාඨමාලා හඳුන්වා දෙන්නත් මේ ක්ෂේත්‍රයේ පුළුල් ආයෝජන සිදු කරන්නත් රජය කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya