අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 දී තැපැල් සේවයට නව සේවාවන්

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) 2016 දී නව සේවාවන් සමඟ තැපැල් සේවය තව තවත් දියුණු කරන්න කටයුතු කරන බවත් උතුරේ හා නැගෙනහිරත් තැපැල් සේවය ස්ථිරත්වයට පත් කරමින් කටයුතු කරන බවත් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.


    ප්‍රධාන තැපැල් කාර්යාල 652ක් උප තැපැල් කාර්යාල 3410ක්, නියෝජිත තැපැල් කාර්යාල 497ක්, වතු තැපැල් කාර්යාල 07ක් හා ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 156කින් තැපැල් සේවය සමන්විතයි. 26,000ක් පමණ සේවක සංඛ්‍යාවක් මෙහි සේවයේ යෙදෙති. තැපැල් සේවයේ ස්වර්ණමය කාලවකවානුවට පය තබා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    වෘත්තීය සමිති සමඟ අමාත්‍යාංශය අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මෙහි දෛනික ආදායම වැඩිවෙලා. නව තාක්ෂණය තැපැල් සේවයට යොදා ගන්නවා. තරුණ පිරිස 1080ක් තැපැල් සේවයට බඳවා ගත්තා. ඔවුන් හරහා නව මෘදුකාංග නිර්මාණය කරමින් තැපෑල මේ රටට නැතුව ම බැරි අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරන්න කටයුතු කරන බවත් ඔහු පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya