මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් පසු ව පානීය ජල සම්බන්ධතා සීග්‍රයෙන් වැඩි වුණා

    නොවැම්බර් 11, 2014

    යුද්ධයෙන් පසු ව පානීය ජල ඉල්ලුම වැඩි වුණ අතර විශේෂයෙන් ම උතුරේ මේ ඉල්ලුම ඉහළ ගිය බවත් නව ගෘහස්ත ජල සම්බන්ධතා ලබා දීම නිසා ජල සම්පාදන මණ්ඩලයට 2014 වසරේ මේ වන විට 42%ක් උපයා ගන්න හැකි වූ බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

    ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ 166 වැය ශීර්ෂය ද වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ 152 හා 282 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට විවාදයට ගැනිණි.

    නළ ජල සැපයුම 46.4% දක්වා වර්ධනය කරන්න සැලසුම් සකස් කර ඇත. මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව රට පුරා පානීය ජලය සැපයීමේ ක්‍රියාදාමය සාර්ථක වී ඇත. පසුගිය කාලයේ 3.8%ක් ලෙස වර්ධනය වූ ජල සම්බන්ධතාව මේ වසරේ 10% ඉක්මවා තිබෙන බව ද ඇය පෙන්වා දුන්නාය.

    පිරිසිදු පානීය ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගන්න නම් ප්‍රධාන නගර හා උප නගරවල මළ අපවහන පද්ධති කළමනාකරණය කළ යුතුයි. ඒ අනුව කතරගම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහනුවර වැනි ප්‍රදේශවල ක්‍රියාමාර්ග ගෙන ඇත. ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවක් ද පිහිටුවා පිරිසිදු පානීය ජලය සඳහා කුඩා ව්‍යාපෘති ආරම්භ කරන්න කටයුතු කර ඇත. කුඩා නගරවල කුඩා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ දෙපාර්තමේන්තුවේ අරමුණයි.

    මධ්‍යම පළාතේ 2005 වසරේ ජල සම්බන්ධතා 98,691ක් පැවති අතර 2014 වන විට 211,835 දක්වා ඉහළ ගොස් ඇත. නැගෙනහිර පළාතේ 2005 දී 44033ක් වූ ජල සම්බන්ධතාව 2014 දී 143,500ක් වේ. උතුරු මැද පළාතේ 2005දී 30016ක් වූ අතර 2014 දී 85,930කි. අනුරාධපුර උතුර, දකුණ වැඩපිළිවෙළ යටතේ තවත් ලක්ෂයක් පමණ ජල සම්බන්ධතා වැඩි විය හැකියි. වයඹ 2005දී 23,178ක් වන ජල සම්බන්ධතාව 2014දී 56,147ක් වේ. උතුරේ 3336ක් වන අතර 2014 දී 9,800කි. යුද්ධයෙන් පසු මේ පළාතේ මහා පරිමාණ ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සිදුකර ඇත. දකුණු පළාතේ 2005 තිබූ 102058ක් වූ ජල සම්බන්ධතාව 2014දී 261205ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ වන විට ජල සම්බන්ධතා ඉහළ දමන්න මහින්ද චින්තනය සමත් වී ඇති බවත් අමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya