අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර යාත්‍රා හිමියන් ආදායම් බදුවලින් නිදහස් කර තිබෙනවා

    නොවැම්බර් 11, 2014

    අයවැයෙන් ධීවර ක්ෂේත්‍රයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කළ බවත් ධීවර යාත්‍රා හිමියන් ආදායම් බදුවලින් නිදහස් කර තිබෙන බවත් ජ්‍යේෂඨ අමාත්‍ය මිල්රෝයි පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් අද විවාදයට ගැනිණි.

    යුරෝපා සංගමයේ තහනම පිළිබඳ ව ජනාධිපතිතුමා සියලු දෙනා කැඳවා කතා කළා. මේ තහනම ඉවත් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය එක් ව කටයුතු කරන බව ජනාධිපතිතුමා කිව්වා. ධීවර ජනතාවට විරෝධතා සිදු කළ අවස්ථාවේ එල්ල වූ ගල් ප්‍රහාර පිළිබඳ ව මා සතුටු වන්නේ නැහැ. එය අනුමත කරන්නෙත් නැහැ. එදා ධීවර ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ධීවර ජනතාව සමඟ සුහදව කටයුතු කළා. කලබලකාරී ජනතාවක් වුවත් ධීවර ජනතාව හොඳ ජනතාවක්. මේ අයට ජනතා විමුක්ති පෙරමුණේ අය කියනවා. ධීවර ජනතාවගෙන් බහුතරයක් කතෝලික ජනතාව. ඒ අය හොඳින් ආගම අදහන අය. කිසිම ජවිපෙ සමාජිකයෙක් නැහැ. ධීවර ජනතාව රට පුරා ම ඉන්නවා. සහෝදරත්වයෙන් කටයුතු කරනවා. මේ ප්‍රධාන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya