මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ණය මුදල් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අත්වැලක්

    මාර්තු 09, 2015

    චීනය ශ්‍රී ලංකාවට ණය මුදල් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පාශ්චාත් යුද සමයේ යළි ඉදි කිරීම් අවශ්‍යතාව හේතුවෙන් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සලර් ජනරාල් රෙන් ෆා චියාං මහතා පවසයි.

    ශ්‍රී ලංකාවට සෙසු රටවලින් හා ජාත්‍යන්තර සංවිධාන වලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි වූ සෑම අවස්ථාවකදී ම කිසිඳු පැකිලීමකින් තොරව චීනය ශ්‍රී ලංකාවට ණය මුදල් ලබා දුන් බව ඔහු අවධාරණය කරයි.

     

    චීන රජය සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන මෙබඳු ණය මුදල් සඳහා පොලිය එම රටවලට ඉතාමත් වාසිදායක ලෙස ලබා දුන් බව ප්‍රකාශ කරන රෙන් ෆා චියාං මහතා මෙම ණය මුදල්වල මූලාශ්‍රය වනුයේ චීන ආනයන හා අපනයන බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ පොළේදී එකතු කරන මුදල් බව ද සඳහන් කරයි. චීන රජයේ දීමනාවක් ලෙස මෙසේ අඩු ණය මුදල් ලබාදේ අතර ණය ගැනීමේ කොන්දේසිවලට ලෝකයේ සමස්ත රටවල් අතර වෙනසක් නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

     

    එමෙන් ම, සාධාරණ පොලියට චීනය වාණිජ ණය සපයන අතර වාණිජ ණය මුදල් ලැබෙන්නේ ශ්‍රී ලංකා රජය සහ ඊට අදාළ බැංකු අතර සාකච්ඡා මගින් අඩු පොලි ණය මුදල් ක්‍රමයකි. පාශ්චාත් යුද සමයේදී ජාතික ආර්ථිකයට හා ජන ජීවිතයට සම්බන්ධ විදුලි බලාගාර, මහා මාර්ග හා වරාය ඇතුළු ව්‍යාපෘති සංවර්ධනය කිරීමට චීනයෙන් ලැබූ ණය මුදල් උපකාරී වෙයි. ඉන් ශ්‍රී ලංකාවේ අනාගත වර්ධනයට ස්ථිර පදනමක් තබන බව ද ඔහු පෙන්වා දෙයි.

     

    මෙරට විදුලිබල ජනනයට චීන සමාගමක් විසින් ඉදි කරන ලද පුත්තලම් ගල් අඟුරු බලාගාරය ද යම් ප්‍රමාණයක් එක් කරනු ලබයි. එමෙන් ම කාලය අඩු කරන අධිවේගී මාර්ග චීන ණය මුදලින් කළ මාර්ග පද්ධතිය, උතුර දකුණ යා කෙරෙන ව්‍යාපෘති රැසක් ඉදි කර තිබෙන බව කොන්සලර් ජනරාල් රෙන් ෆා චියාං මහතා වැඩිදුරටත් පැවසීය.

    kpm/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya