මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සමඟ සහයෝගය පුළුල් කිරීමට ඉරානය සැරසේ

    ජනවාරි 19, 2015
    ඉරානය ශ්‍රී ලංකාව සමඟ පෙර පැවති ද්විපාර්ශවීය සබඳතා ඉදිරියේ දී වඩාත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපති හසන් රවුහානි (Hassan Rouhani) මහතා, ශ්‍රී ලංකා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සුභ පතමින් ප්‍රකාශ කර ඇත.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඔහුගේ ජයග්‍රහණය නිමිත්තෙන් එවන ලද සුභ පැතුම් පණිවිඩයේ ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ඉරාන නිල ප්‍රවෘත්ති ආයතනය වන IRNA පවසයි.
     

    මහජන ඡන්දයෙන් තේරී පත් වූ නව ජනපති ශ්‍රී ලංකාවේ නව පරිඡ්ඡේදයක් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාව හා ඉරානය අතර පවතින ඓතිහාසික, හිතවත් සබඳතාව සහ විවිධ ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාව වඩාත් පුළුල් වනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපතිවරයා එම සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

     

    නව ජනාධිපතිට සියළු බලැති දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගීභාවය සහ සාර්ථකත්වය පතන අතර ශ්‍රී ලංකා රජයට සහ ජාතියට ද සෞභාග්‍ය පතන බව ඉරාන ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩය අවසානයේ පවසා ඇත.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya