මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක ජයක් - තරගාවලියත් ජයගනී

    දෙසැම්බර් 16, 2014

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සුළු වේලාවකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක් දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 87ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට හැකිවිණි.

    මේ ජයග්‍රහණයත් සමඟ තරග 7කින් සමන්විත වූ තරගාවලිය 5-2ක් ලෙස ශ්‍රී ලංකාව ජය අත්කර ගනු ලැබීය.

     

    ලකුණු 307ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 45.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215ක් පමණි.

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිති හරඹයක යෙදුණු තිලකරත්න දිල්ශාන් පන්දු 124ක දී ලකුණු 101ක් (4x9 / 6x1) ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දු 50ක දී ලකුණු 55ක් (4x2/ 2x1) ද තිසර පෙරේරා පන්දු 26ක දී අගනා ලකුණු 54ක් (4x7 - 6x1) ද ලකුණු පුවරුවට එක් කළහ.

     

    එංගලන්ත කණ්ඩායමේ ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 32කට දැවී ගිය අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් ලකුණු 80ක් ලබාගත්තේය. බට්ලර් ලකුණු 23ක් ද වෝක්ස් ලකුණු 34ක් ද රැස් කළහ.

     

    පන්දු යැවීමේ දී තිලකරත්න දිල්ශාන් සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3 බැගින් ද සුරංග ලක්මාල් කඩලු 2ක් ද දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් හා මහේල ජයවර්ධන එක් කඩුල්ලක් ද ලබා ගත්හ. එම කඩුල්ලත් සමග එක්දින තරගවලදී මහේල ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7කි.

     

    ලකුණු 101ක් හා කඩුලු 3ක් ලබාගත් තිලකරත්න දිල්ශාන් අද තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. තරගාවලියේ වීරයා වූයේ ද තිලකරත්න දිල්ශාන්ය.

     

    ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි මෙහෙවරක් ඉටුකරන ලද කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ දී සහභාගී වූ අවසන් එක් දින තරගය ද මෙය වන අතර ඔවුන්ට ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya