අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ධීවරයන් නිදහස් කිරීමට ඉන්දියාව ගත් තීරණයට ශී‍්‍ර ලංකාවේ පැසසුම්

    දෙසැම්බර් 18, 2014

    ඉන්දීය අත්අඩංගුවේ සිටි ශී‍්‍ර ලංකා ධීවරයන් 30 දෙනෙකු නිදහස් කිරීමට ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය සතුට පළකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


    ඉන්දීය අත්අඩංගුවේ තිබූ ධීවර යාත‍්‍රා 19ක් නිදහස් කිරීම ද මෙහිදී සිදු වේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 18 වෙනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේ නේපාලයට ගිය අවස්ථාවේ දෙරටේ අත්අඩංගුවට ගන්නා ධීවරයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති සමඟ සාකච්ඡා පැවැත්විණි.

    ශී‍්‍ර ලාංකික ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පෙන්නුම් කෙරෙන්නේ දෙරටෙ හි ධීවරයන් පිළිබඳ පැනනගින ගැටලු විසඳා ගැනීමේ දී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින සුහද අවබෝධයයි.

    එම ධීවරයන් පිරිස ලබන සඳුදා (22) ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කරන බව තමිල්නාඩු ප‍්‍රාන්ත රජය ප‍්‍රකාශ කළේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya