මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසන් එක්දින තරගය ශ්‍රී ලංකාව 302/6

    දෙසැම්බර් 16, 2014

    මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක් දින ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටී.

    ලකුණු 307ක ඉලක්කයක් හඹායන එංගලන්තය මේ වනවිට පන්දුවාර 24ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 99ක් රැස් කරගෙන සිටී.

     

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 306ක් ලබා ගෙන තිබුණි.

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිති හරඹයක යෙදුණු තිලකරත්න දිල්ශාන් පන්දු 124ක දී ලකුණු 101ක් (4x9 / 6x1) ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දු 50ක දී ලකුණු 55ක් (4x2/ 2x1) ද තිසර පෙරේරා පන්දු 26ක දී අගනා ලකුණු 54ක් (4x7 - 6x1) ද ලකුණු පුවරුවට එක් කළහ.

     

    එංගලන්ත කණ්ඩායමේ ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 32කට දැවී ගිය අතර නොදැවී ක්‍රීඩා කරන ජෝ රූට් ලකුණු 32ක් ලබාගෙන සිටී. පළමුව පිටියට පිවිසි මොයින් අලි මුහුණ දුන් පළමු පන්දුවේ දී ම තිලකරත්න දිල්ශාන් විසින් දවා ගන්නා ලදී.

     

    තරග 7කින් සමන්විත වූ තරගාවලිය මේ වන විටත් 4-2ක් ලෙස ශ්‍රී ලංකාව ජය අත්කර ගෙන සිටී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya