අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන T20 තරඟයෙන් බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්‍

    මාර්තු 07, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ ඊයේ(06) පැවති දෙවන විස්සයි-20 තරඟය කඩුලු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.


    ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 37 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed, Mahedi Hasan, Mustafizur Rahman, Soumya Sarkar එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායක Najmul Hossain Shanto නොදැවී ලකුණු 53ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ අනුව තරඟ 3කින් යුත් විස්සයි-20 තරඟාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා. අවසන් සහ තීරණාත්මක තරඟය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි. 

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya