අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ පලමු විස්සයි-20 තරඟය අද

    මාර්තු 04, 2024

    ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ පලමු තරඟය අද (04) සවස 5.30ට බංග්ලාදේශයේ සිල්හට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතයි.


    ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැන වූ විස්සයි-20 තරඟ දෙකක තහනම මත මෙම  තරගාවලියේ ප්‍රථම හා දෙවන තරගයට ක්‍රීඩා නොකරයි. බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් ආබාධයක්  මහේතුවෙන් ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 එක්දින සහ ටෙස්ට් තරගාවලි තුනටම සහභාගි නොවේ.

    අද ඇරැඹෙන පලමු විස්සයි-20 තරගයට චරිත් අසලංක ද සිල්වා (ශ්‍රී ලංකාව) නායකත්වය ලබා දෙන අතර සහ නජිමුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශයට නායකත්වය ලබා දෙනු ලබනවා. වනිඳු තෙවන විස්සයි 20 තරගයේ සිට නැවත ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ දක්වා විස්සයි 20 තරග 11කට සහභාගි වී ශ්‍රී ලංකාව තරග හතක් ද බංග්ලාදේශය තරග හතරක් ද ජයගෙන සිටී.

    ක්‍රීඩකයන් 17කින් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය

    වනිඳු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya