අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා පිල අද එංගලන්තයට

    අගෝස්තු 23, 2023

    එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) එංගලන්ත බලා පිටත්ව යනු ඇත.

    ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත සංචාරයකට සහභාගිවන පළමු තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය සනිටුහන් වීමද කැපී පෙනෙයි.

    25 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා ලෝක ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒම එක්දින තරග 3 ට අමතරව විස්සයි-20 තරග 3 ක්ද පැවැත්වෙනු ඇත.

    හෙට පිටත් වන කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඊට නවසීලන්තය සමඟ පැවැති තරගාවලියට සහභාගිවූ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනාට අමතරව එක් ක්‍රීඩිකාවක් වැඩි පුර කණ්ඩායමට එකතු කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරිය පමණක් කණ්ඩායමට අලුතින් එක්ව ඇති ක්‍රීඩිකාව වන්නීය. කණ්ඩායමේ උප නායිකාව ලෙස ඔෂධී රණසිංහ කටයුතු කරනු ලබයි.

    ලෝක ශූරතා සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කාන්තා පිල එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටිමින් මෙම තරගාවලියට අවතීර්ණ වෙයි. ඔවුන් අවසන් වතාවට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 3 අතරට පැමිණීමට අවස්ථාව උදාවිය.

    එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 12 කට ක්‍රීඩා කොට ඉන් තරග 4 ක් ජය ලබා සිටියි. සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසානයේ පළමු ස්ථාන 5 පසුවන කණ්ඩායම් 5 සහ සත්කාරක ඉන්දීයාව පමණක් ප්‍රධාන තරග වටයට ස්වයංක්‍රීයවම සුදුසුකම් ලබන බැවින් මෙම තරගාවලි‌යේ එක් තරගයක් හෝ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින්ම වැදගත් වනු ඇත.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), ඔෂධී රණසිංහ (උප නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, අචිනි ‌කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හන්සිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya