අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව්වැනි LPL කුසලානය B-Love Kandy හිමිකර ගනී

    අගෝස්තු 21, 2023

    2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. ඒ Dambulla Aura කණ්ඩායම සමග ඊයේ(20) පැවති අවසන් මහා තරගයෙන් කණ්ඩායම කඩුලු 5 ක ජයක් ලබා ගැනීමත් සමඟයි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40 ක්, සධීර සමරවික්‍රම ලකුණු 36 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 31 ලබා ගැනීමට සමත් වුණා.

    පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායම 20 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 44 ක් ,දිනේෂ් චන්දිමාල් ලකුණු 24 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ලබා ගත්තා.

    ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා බවට පත්වූ අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමට වනිඳු හසරංග සමත් විය. ඊට අමතරව මෙවර තරඟාවලියේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන ද හිමිකර ගැනීමට වනිඳු හසරංග සමත් වීම විශේෂත්වයක්. ලසිත් කෲස්පුල්ලේ නැගීඑන ක්‍රීඩකයා බවට නම් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya