මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙට්බෝල් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නම් පාසල් යන කාලයේ සිටම ක්‍රීඩිකාවන් හඳුනා ගත යුතුයි-

    සැප්තැම්බර් 29, 2022

    නෙට්බෝල් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නම් පාසල් යන කාලයේ සිටම ක්‍රීඩිකාවන් හඳුනාගතයුතු බව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පවසයි.

    ක්‍රීඩා සංස්කෘතිය, ජාත්‍යන්තර ජයග්‍රහණ සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ හෙට දවස මැයෙන් අද(29) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති විද්වත් කතිකාවත අතරතුරේදී ලක්ෂ්මි මහත්මිය විසින් මේ බව කියා සිටියා ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිතුමිය ප්‍රකාශ කර සිටියේ, පෙර වැඩසටහනක් ලෙස අවුරුදු 13න් පහල ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් සඳහා ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමඟාමීව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා හිටපු ජාතික පුහුණුකාරිනියන්, ක්‍රීඩිකාවන් හා පාසල් සංගමයත් සම්බන්ධ කර ගනිමින් ලෝක කුසලාන නෙට්බෝල් තරඟාවලිය අරමුණු කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ලක්ෂ්මි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා සූදානම් වීමේ පලමු පියවර ලෙස පුහුණුකාරිනිය හා තේරීම් කමිටුව පත්කර ගැනීම ඉතාමත් ඉක්මනින් කටයුතු කරන බව ද ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවා.

    මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා හා ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංශ මෙනවිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya