අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා මධ්‍යම පළාතට

    නොවැම්බර් 28, 2015

    41වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනාගැනීමට මධ්‍යම පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.  

    කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතා ද්විත්වයම බස්නාහිර පළාතට හිමිවීම විශේෂත්වයක් විය.

     

    පිරිමි අවසන් මහ තරගයේදී මධ්‍යම පළාත් කණ්ඩායම විසින් ගෝල 2-1 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායමද, කාන්තා අවසන් මහ තරගයේදී මධ්‍යම පළාත් කණ්ඩායම විසින් ගෝල 7-0 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායමද පරාජය කරනු ලැබිණ.

     

    පිරිමි අංශයේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ඌව පළාත් කණ්ඩායම ගෝල 3-1 ක් ලෙස පරාජය කිරීමට වයඹ පළාත් කණ්ඩායම සමත් වූ අතර කාන්තා අංශයේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී උතුරු පළාත් කණ්ඩායම ගෝල 5-0 ක් ලෙස පරාජය කිරීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.

     

    තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මධ්‍යම පළාතේ ආර්. කේ. විල්ලවරායන්ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මධ්‍යම පළාතේම එම්. ධර්මරත්නද සම්මාන දිනාගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya