මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු ජනපති දේශගුණික විපර්යාස නිරාකරණයට පියවර තබයි

    අගෝස්තු 04, 2015

    එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා විසින් දේශගුණික විපර්යාස නිරාකරණය සඳහා පළමු පියවර තබන ලදී. ඒ ජනාධිපතිවරයා විසින්ම හඳුන්වන " දේශගුණික විපර්යාස නිරාකරණය කර ගැනීම සඳහා අපි (එක්සත් ජනපදය) මෙතෙක් කාලයකට ගෙන ඇති විශාලතම සහ වැදගත්ම පියවර" එනම් එක්සත් ජනපදයේ බලශක්ති බලාගාර වලින් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කපා හැරීමේ ඔහුගේම සැලැස්මේ අවසන් අනුවාදය නිරාවරණය කරමිනි.

     

    මෙම සංශෝධිත පිරිසිදු බල සැලැස්මේ අරමුණ වසර 15 ක් තුළ තුනෙන් එකක් පමණ ඇමෙරිකානු විදුලි බලාගාර වලින් හරිතාගාර වායු විමෝචනය කපා හැරීම බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

     

    මෙම සංශෝධන සැලැස්ම මඟින් 2005 වසර සමඟ සසඳන විට 2030 වසරේ දී සියයට 32කින් විදුලි බල උත්පාදන අංශයෙන් කාබන් විමෝචනය (කාබන් වාතයට මුදා හැරීම/පිටකිරීම) අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කර ඇත.

     

    විමෝචනය සීමා කිරීම සඳහා ඔබාමා පාලනාධිකාරය විසින් ඇස්තමේන්තුගත කරන ලද 2030 දක්වා වූ වාර්ෂික පිරිවැය ඩොලර් බිලියන 8.4ක් බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ. එක්සත් ජනපදය තම ඉලක්ක වලට ලඟා වන ආකාරය තීරණය කරන තුරු සත්‍යය මිලගණන් පැහැදිලි නොවනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya