මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි ටෙස්ට් තරගය සඳහා සංගක්කාර වෙනුවට තරංග

    ජූලි 02, 2015

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට දිනයේ (03) ආරම්භ වීමට නියමිත තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග කැඳවා තිබේ.

     

    ගාල්ලේදි සහ කොළඹ දී පැවැති ටෙස්ට් තරග දෙකට සහභාගි වූ කුමාර් සංගක්කාර තෙවැනි තරගයට සහභාගි නොවන අතර එම ස්ථානයට උපුල් තරංග කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

     

    වමත් පිතිකරු 30 හැවිරිදි උපුල් තරංග ටෙස්ට් තරග 19 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1019 ක් රැස්කර තිබේ. තරංග ටෙස්ට් තරග 117 කදී ශතක 13 ක් සහ අර්ධ ශතක 28 ක් සමගින් ලකුණු 5343 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya