අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    23 න් පහල ක්‍රිකට් තරඟ 'එස්එල්සී යූත් ටූනමන්ට්' ලෙස නම් කෙ‍රේ

    මාර්තු 25, 2014

    2014/15 වාරයේ සිට 23 න් පහල කණ්ඩායම් තරඟාවලී එස්එල්සී යූත් ටූනමන්ට් ලෙස නැවත නම් කෙ‍රේ.SLC YOUTH tournament ) යූත් කණ්ඩාමට 19 න් සහ 21 න් පහල කණ්ඩායම්වලින් ක්‍රීඩකයෝ දෙදෙනා බැගින් ඇතුලත් වෙති. ඉතිරි ක්‍රීඩකයන් වන්නේ XI ක්‍රීඩා කරන වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයෝය.මෙය අනිවාර්ය වෙයි. මෙය ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ඊයේ පැවති රැස්වීමේදී ගත් තීරණයකි.


    ටෙස්ට් වරම් ලැබීමට පෙර කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු, වයෝවෘද්ධ සහ වෛද්‍ය සහ වෙනත් වියදම් සඳහා ආධාර අවශ්‍යව සිටින ක්‍රීඩකයන්ට විශේෂ මූල්‍යාධාරයක් පිරිනැමීමට ද ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කොට ඇත. මෙවැනි කරුණාසහගත දීමනාවක් මීට පෙර ගෙවා ඇත්තේ 2007 වසරේ අගෝස්තු මාසයේදීය.මෙම දීමනාව ලැබිය යුතු ක්‍රීඩකයන් ගැන සමාලෝචනයක් කිරීමට කමිටුවක් පත් කරන ලදී.( අතීතයේ ලංකා/ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්) ක්‍රිකට් ක්‍රිඩාවෙන් කිසිම පාරිශ්‍රමිකයක් නොලබා මෙම ක්‍රීඩකයන් රටේ අභිමානය වෙනුවෙන් දායකවී ඇත.

    පහත දැක්වෙන A කණ්ඩායම් සංචාරද ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව අනුමත කොට ඇත.

    එංගලන්ත සංචාරය - 2014 ජූලි 14 සිට අගෝස්තු 15
    අයර්ලන්ත සංචාරය - 2014 ජූලි 21 සිට ජූලි 29
    බටහිර ඉන්දීය සංචාරය -2014 ඔක්තෝබර්

    නවසීලන්ත සංචාරය - 2015 අප්‍රියෙල්

    SP/SLC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya