අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු යානය සොයන චීන යානයකට සුදු , චතුරශ්‍රාකාර වස්තුවක් නිරීක්ෂණය වෙයි

    මාර්තු 25, 2014

    අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ යෙදී සිටින චීන යානයකට දකුණු ඉන්දියානු සාගරයේ දි යම් වස්තුවක් නිරීක්ෂණය වී ඇති බව එහි කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරයි. එය සුදු පැහැති චතුරශ්‍රාකාර දෙයකි. අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ කැබලි තිබිය හැකියැයි චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනා ගෙන ඇති මුහුදු කලාපයේ දී එය නිරීක්ෂණය වී ඇතැයි ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.


    මේ බව මෙම යානය සෙවීමේ නිරත බහු ජාතික කණ්ඩායම් සම්බන්ධීකරණයේ යෙදෙන ඕස්ට්‍රෙලියානු මධ්‍යස්ථානයට ද දන්වා ඇත.මේ අතර කළු පෙට්ටි සෙවීමට හැකි විශේෂීත උපකරණයක් මේ ප්‍රදේශයට අද යැවීමට ඇමරිකාව සූදානමින් සිටී.චීනයට අයත් විශේෂ නෟකාවක්ද එම ප්‍රදේශයට යොමු කොට ඇත.

    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya