අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සඳහා අතුරුපාලක කමිටුවක් හා තේරීම් කමිටුවක්

    මාර්තු 25, 2015
    2015 අගෝස්තු මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් තෝරාගැනීමට අවශ්‍යව ඇති බැවින්  අතුරුපාලක කමිටුවක් හා තේරීම් කමිටුවක් පත්කිරීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා අනුමැතිය ලබා දී ඇත.
     
    චන්ද්‍රානි පතිරාජ මහත්මියගේ සභාපතීත්වයෙවන් යුත් අතුරු පාලක කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ සීතා රමණි, රෝහිණී පෙරේරා, තිසංගනී කොඩිතුවක්කු හා සකුන්තලා විජේතුංග යන මහත්මීන්ය.
     
    ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුවේ ලේකම්වරිය ලෙස ජයන්ති සෝම සුන්දරම් මෙනවිය පත්කර ඇත. එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ සඳමාලි  අවිරුප්පවල, ට්‍රික්සි නානායක්කාර, ශේවෝන් පෙරේරා, කස්තුරි විල්සන් හා ඩබ්ලිව්. එම්. එස්. කේ.  වනසිංහ යන මහත්මීන්ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya