අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර් රාජ්‍යයේ එමීර්වරයා දිවයිනට

    මාර්තු 24, 2015
    කටාර් රාජ්‍යයේ ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) එමීර්වරයා නිල සංචාරයක් සඳහා අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින ද්වීපාර්ශවික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙරටට පැමිණෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇති අතර ඊට සමඟාමීව දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිතය. 
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන කටාර් රාජ්‍යයේ එමීර්වරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උළෙලක් ද ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 
     
    එමීර්වරයා සමඟ එරට රජයේ ඇමැතිවරු දස දෙදෙනෙකු ද ශ්‍රී ලංකාවට පැමිණෙන අතර සිය සංචාරය නිමවා ඔවුන් අද දිනයේ දී ම කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya