මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිතය අසමත් නම් උසස් පෙළ බැහැ

    ජනවාරි 27, 2015
    උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කිරීමට නව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියකට එළැඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
     
    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය විෂය අසමත් වූව ද උසස් පෙළට ඉදිරිපත්වීමට හැකි පසුබිමක් පසුගිය රජය විසින් ගෙන තිබූ ප්‍රතිපත්තිය අහෝසි කිරීමට ඊයේ (26) තීරණය විය.   කලින් රජය විසින් ගනු ලැබූ එම තීරණය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය විෂය අසමත් වූව ද, උසස් පෙළ කලා විෂය ධාරාව සහ ජෛව පද්ධති තාක්ෂණික විෂය ධාරාව හැදෑරීමට මෙතෙක් අවසර ලබා දී තිබුණි. මෙම ප්‍රතිපත්තිමය තීරණය අනුව එම අවස්ථාව මින් පසු අහිමි වේ.
     
    අධ්‍යාපනය මේ තරම් ලිහිල් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ හරහා විභාගය සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාව පෙන්වීමට හැකිවන පරිදි ගණිතය විෂය  අඩු ලකුණු ප්‍රමාණයකින් සමත් කර සමස්ත විභාගයේ සමත්වීමේ ප්‍රතිශතය වැඩිකරගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
     
    පසුකාලීව විභාග ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව විභාග සමත්වීමේ ප්‍රමාණය අඩු බවට චෝදනා කිරීමට ඉඩ අවස්ථාව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    මෙරට ජාත්‍යන්තර පාසල්  නියාමනය කිරීම සඳහා ද කමිටුවක්  පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර පාසල්  වසරක් පාසා බලපත්‍රයක් ලබාදීමට ද නියමිතය. මෙම බලපත්‍රය ලබාදීමේ දී පාසලක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමිතිය මෙන් ම අවශ්‍යතා ඉෂ්ට කළ හොත් පමණක් මෙම බලපත්‍රය ලබා දෙන බව හෙතෙම කීය.
     
    නිසි ප්‍රමිතියකින් අධ්‍යාපනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව කී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  සුදුසුකම් ඇති ගුරුවරුන් බඳවා ගැනීම යනාදී සියලු දේ අධීක්ෂණය කිරීමට ද අපේක්ෂා කරන බව සඳහන් කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya