අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැති වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ

    ජනවාරි 24, 2015
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සමග ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ තිබේ.
      
    ඒ අනුව විවිධ බලපෑම් හමුවේ නවතා දමා තිබූ අධ්‍යාපන  ක්ෂේත්‍රයේ අදාළ  විමර්ශන කටයුතු වහාම නැවත ආරම්භ කර ඒවායේ  නිර්දේශ ක්‍රියාත්මක කිරීමට, ගුරු වැටුප් විෂමතාවයන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට, විවිධ හේතු මත දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා කටයුතු කිරීමට කමිටුවක් පත්කිරීමට, පාසල් ළමුන් යොදා ගෙන වාර්ෂික ව පවත්වනු ලැබූ පෙරහැර අවලංගු කිරීමට, විදුහල්පතිවරුන්ගේ කර්නල් තනතුරු අහෝසි කිරීම වැනි කරුණු කිහිපයකට මෙහිදී එකඟතාවන්ට පැමිණ ඇත.
     
    මීට අමතර ව අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නව ගුරු සේවා ව්‍යවස්ථා වාර්තාව පිළිබඳ සාකච්ඡා කර සුදුසු තීරණ ගැනීම, පාසල්වලට සහ පාසල්වල විවිධ ව්‍යපෘති සඳහා දේශපාලඥයන්ගේ නම් යොදා ගැනීම නැවැත්වීම, ළමුන් ඇතුළත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සහ ළමුන් ඇතුළත් කර ගැනීමේ දී මුදල් ලබාගැනීම සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට ද මෙහිදී යෝජනා විය.
     
    පාසලේ යම් සාධාරණ  කටයුත්තක් සඳහා  මුදල් අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවසර ලබාගත යුතු බවට ද මෙහිදී යෝජනා වූ අතර යම්හෙයකින් එවැනි අසාධාරණ ලෙස  මුදල් ඉල්ලා සිටින අවස්ථාවකදී එම තොරතුරු අමාත්‍යංශය වෙත ලැබීමට සලස්වන ලෙස ද අමාත්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
     
    මෙතෙක් ප්‍රමාද වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු සලස්වන ලෙස ද අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya