මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට මඩකළපුව මැතිවරණ කටයුතු සූදානම්

    දෙසැම්බර් 22, 2014

    එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මඩකළපු දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.

    මෙවර ජනාධිපතිවරණය සඳහා මඩකළපු දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට 365,167ක ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇත. කල්කුඩා 105,055ක්ද, මඩකළපු 172,497ක්ද පද්දිරුප්පු 87611ක්ද අවතැන්වූ පුද්ගලයන් 04ක්ද වේ.

     

    ඒ අතුරින් 10,988 දෙනෙකු තැපැල් ඡන්ද අයදුම් කළ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 8,815 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 171කදී දෙසැම්බර් 23 හා 24 දෙදින තුළ පැවැත්වෙන අතර දෙසැම්බර් 26 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ටද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිය.

     

    මඩකළපුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 414ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිත ය. ඡන්ද විමසීමේ කටයුතු සඳහා 3,980කට ආසන්න කාර්යමණ්ඩලයක් යෙදවීමට අපේක්ෂිතය. මේ සමඟ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 33ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සහකාර මැතිවරණ කොමසාරිස් ඒ.එම්.එම්. කෆීර් මහතා ප්‍රකාශ කරයි.

    MAP/LDA_dmu_batticaloa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya