මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍සුංගාවිල සිට සෝමාවතිය පුදබිම මාර්ගයට ජලයෙන් බාධා

    දෙසැම්බර් 19, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පොලොන්නරුව සිට සෝමාවතිය දක්වා දිවෙන මාර්ගයේ ‍සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා වූ මාර්ගයේ ගල්කන්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම පාර හරහා අඩි 1 පමණ ජල ප්‍රවාහයන් ගමන් කිරීම හේතුවෙන් එම මාර්ග කොටසෙහි සැහැල්ලු වාහන සඳහා දුෂ්කර වී ඇතැයි පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙම මාර්ගය භාවිත කරන පුද්ගලයින් පොලිස් රථවාහන අංශයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ උපදෙස් අනුව කටයුතු කරන මෙන්ද දිස්ත්‍රක් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් දන්වා සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
    MAP/WK_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya